The OMP Act in Section 27 defines a missing person as a person whose fate or whereabouts are reasonably believed to be unknown and such person is reasonably believed to be unaccounted for and missing in connection with the conflict, political unrest or civil disturbances or as a result of an enforced disappearance. The OMP’s mandate is not limited to any particular period, community or region. The OMP Act in Section 10(1) has an explicit mandate to:

අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සෙවීම

(අ) අතුරුදහන් වූ තැනැත්තන් සෙවීම සහ සොයා ගැනීමට සහ ඒ සඳහා උචිත යාන්ත්‍රණ හඳුනාගැනීම සහ එම තැනැත්තන් අතුරුදහන් වූ අවස්ථානුගත කරුණු සහ ඔවුන්ගේ ඉරණම පැහැදිලි කිරීම

බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

(ආ) අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ සිදුවීම් පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාල බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් සහ බැඳියා ආරක්ෂා කිරීම

(ඇ) මේ පනතේ විධිවිධාන සලසා ඇති පරිදි අතුරුදහන් වූ තැනැත්තන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් සහ බැඳියා ආරක්ෂා කිරීම

සහන මාර්ග හඳුනාගැනීම

(ඈ) අතුරුදහන් වූ තැනැත්තන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ලබා ගැනීමට හිමිකම් ඇති සහන මාර්ග හඳුනාගැනීම සහ එවැනි මාර්ග පිළිබඳව එම අතුරුදහන් වූ තැනැත්තන්ට (ජීවත්ව සිටිය දී සොයාගනු ලැබුවහොත්) හෝ ඥාතීන්ට දැනුම් දීම

අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ දත්ත සමුදායක් ගොඩනැගීම

(ඉ) වෙනත් ආයතන, සංවිධාන, රජයේ දෙපාර්තමේන්තු සහ පරීක්ෂණ කොමිෂන් සභා සහ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විසින් දැනට සිදු කරනු ලබන හෝ ඊට කලින් සිදු කරන ලද ක්‍රියාවලි මගින් ලබාගන්නා අතුරුදහන් වූ තැනැත්තන්ට අදාල දත්ත එකතු කිරීම සහ පනත යටතේ පිහිටුවනු ලැබූ දත්ත සමුදායට එම තොරතුරු මධ්‍යගත කිරීම පිණිස ලබා දීම

අරමුණු සාක්ෂාත් කර ගැනීිම සඳහා වෙනත් සියලු ක්‍රියාවන් සිදු කිරීම

(ඊ) පනතේ අරමුණු සාක්ෂාත් කර ගැනීිම සඳහා වෙනත් සියලු ක්‍රියාවන් සිදු කිරීම